ණය පොලු තැබූ සරසවි ඇදුරන්ට සහ ඇපකාරයින්ට නඩු…!

May 7, 2023 at 9:33 am | by emanisa.lk

රජයේ ණය මුදල් ලබාගෙන උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගතව, බැඳුම්කර කඩකළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ එම ණය වෙනුවෙන් අත්සන් කළ ඇපකරුවන්ට නඩු පැවරීමට තීන්දු කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මේ බව අනාවරණය කළේය. මේ අතර එලෙස ණය ගෙවීම පැහැර හැරි පිරිසක් මාසිකව අදාළ ණය මුදල ගෙවීමට එකඟ වී ඇත. ඒ අතරින් 84 දෙනෙකු අදා මුදල් නැවත ගෙවීම් කර තිබේ.

මෙලෙස ණය ලබා ගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු 617 දෙනකු විදේශ ගතවී ඇති අතර හිටපු සරසවි උපකුලපතිවරුන් 5 දෙනකු ද ඒ අතර වන බව වාර්තා වෙයි. මෙම පිරිසෙන් රජයට අයවිය යුතු මුළු මුදල රුපියල් කෝටි 200ක් බව ද පසුගියදා කෝප් කමිටුවේ දී අනාවරණය විය.

කෙසේ වෙතත් මින්පසුව යම් අයකු වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගතව මුදල් ගෙවීම් සිදුනොකළහොත් වහාම අර්ථ සාධක අරමුදලෙන් එම මුදල කපාගැනීමට චක්‍රලේඛන සැකසූ බව මහාචාර්ය සම්පත් අමරතුංග වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස