ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා දේශාලනඥයින්ගේ ණය කපන්න හදනවා…! – මහාචාර්ය චරිත හේරත්…

May 18, 2023 at 7:59 am | by emanisa.lk

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් චෝදනා කරයි.

“ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධාන බැංකුවල සමහර බොල් ණය බවට පත්වෙලා තිබෙන්නේ, එසේත් නැතිනම් නොගෙවන ණය බවට පත්වෙලා තියෙන සමහර ණය ලබාගත් අය තාම ව්‍යාපාර කටයුතු කරනවා. හෝටලයකට ණය ගන්නවා මාතලේ පැත්තේ දේශපාලඥයෙක් හෝටලයේ ණය ගෙවන්නේ නැහැ. හැබැයි හෝටලය තියෙනවා.

ඊළඟට නැගෙනහිර පළාතේ දේශපාලනඥයෙක් තමන්ගේ ව්‍යාපාරවලට විශාල ණයක් ගන්නවා. ණය තියෙද්දි ඔහු ඒ ව්‍යාපාරයෙන් පැත්තකට වෙලා. වෙන ව්‍යාපාරයක් කරනවා. ඒ නිසා මේ වගේ අපේ ප්‍රධාන බැංකුවල නොගෙවූ ණය තියෙන විශේෂයෙන්ම බල සම්පන්න අයගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැදිය යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අස්සේ අර ණය ටික කපලා අරින්න සමහරු උත්සහ කරනවා. ඒක වැරදියි. මේ මෙතෙක් කල් නොගෙවන බරපතළ ණය තොගයක් තියෙනවා. මේවා සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු වෙනවා.”

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස