ටොයි බයි ගැටුම සංගීත වේදිකාවට…! ඉරාජ් නිසා කසුන් උමාරියා බෑ කියති..!

July 21, 2023 at 9:55 am | by emanisa.lk

රඟහල නමින් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් වර්ජනය කිරීමට කසුන් කල්හාර සහ උමාරියා සිංහවංශ තීරණය කර තිබේ.

එම ප්‍රසංගය එළඹෙන ජුලි 28 වෙනිදා බත්තරමුල්ල Water’s Edge හි දී පැවැත්වීමට සූදානම් කොට තිබිණි.

මෙලෙස එම සංගීත ප්‍රසංගය වර්ජනය කිරීමට හේතුව සිය ප්‍රතිවාදී දේශපාලන කඳවුර නියෝජනය කළ ඉරාජ් වීරරත්න ඊට සහභාගී වීම බවයි, සඳහන් වන්නේ.

මෙම සංගීත ප්‍රසංගයේ ප්‍රවේශපත් දැනටමත් විකුණා ඇති අතර කසුන් සහ උමාරියාගේ තීන්දුව නිසා සංවිධායකයින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ සංගීත ප්‍රසංගය අවලංගු වනු ඇති බවය.

උමරියා සිංහවංශ සහ කසුන් කල්හාර පසුගිය අරගලය නියෝජනය කළ අතර ඉරාජ්ගේ නිවස ද අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලදි. කසුන් කල්හාර 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි අතර ඔහුගේ තේමා ගීතය නිර්මාණය කළේ ද කසුන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *