ඥානසාර හිමිට සමාව නොදෙනු! මගේ සැමියා විකුණා බලයට පත් අයට ඊට අයිතියක් නෑ! – සන්ධ්‍යා එක්නැලිගොඩ

January 29, 2019 at 7:17 am | by admin

සිරගතව සිටින ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව නොදෙන්නැයි ඉල්ලා අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ඊයේ (28දා) බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, නීතිපතිවරයාට සහ අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරාළ මහත්ම මහත්මීන් වෙත ලිපි 4 ක් යොමු කර තිබේ.

ඥානසාර හිමියන්ට නිදහස ලබාදුනහොත් එය උන්වහන්සේට දඬුවම් ලබාදුන් අධිකරණයට හා උන්වහන්සේට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරුන්ට කරන අසාධාරණයක් බැවින් උන්වහන්සේට පොදු සමාව ලබා නොදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඇය ඉහත කී ලිපිය මඟින් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් එක්නැළිගොඩ මහත්මිය ඉදිරි දිනයකදී ජනාධිපතිවරයාගෙන්ද ලිඛිත ඉල්ලීමක් කිරීමට කටයුතු යොදා ඇති බවද දැනගන්නට ඇත.

ඥානසාර හිමියන්ට ලබන නිදහස් දිනයේදී නිදහස ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් බෞද්ධ ඇතුළු සංවිධාන රැසක් ජනාධිපතිවරයාගෙන් පසුගියදා කර තිබූ ලිඛිත ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් එක්නැළිගොඩ මහත්මිය ඉහත කී ලිපිය ඉදිරිපත් කර ඇත.

මාගේ ස්වාමි පුරුෂයා අතුරුදහන් කිරීම දේශපාලන වේදිකාවට ගෙන ගොස් එහි වාසිය ලබාගත් ඔබතුමා සහ ඔබතුමාගේ පක්ෂය මෙම වැරදිකරුට සමාව ඉල්ලන්නේ කුමන පදනමින් දැයි ඈ ගාමිණී ජයවික්‍රම පෙරේරාට යොමු කළ ලිපියෙන් විමසා සිටියි.

එසේම අධිකරණ අමාත්‍යාංශය ඔබතුමා යටතේ නොමැති අවස්ථාවේ දී ඔබතුමා පොදු සමාවක් ඉල්ලා සිටින්නේ කෙසේද යන්නද මම විමසා සිටිමි යනුවෙන් ද එහි සඳහන් වෙයි.

අවසාන ත්‍රස්ත මර්දන ගැටුම් සමයේ ශ්‍රී ලංකා හමුදාව රසායන ආයුධ භාවිත කළ බවට ජිනීවා ගොස් සාක්ෂි ලබා දුන්නේ සන්ධ්‍යා එක්නැලිගොඩය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස