ජේ.ආර්. තරුණ කාලේ ජනාධිපති වුණා නම් ලංකාව සංවර්ධිත රටක්..! අද එය කළ හැකි එකම උදාර නායකයා රනිල්…! – පැල්පොළ විපස්සි හිමි…

November 2, 2022 at 9:16 am | by emanisa.lk

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වන විට වයෝවෘද්ධ පුද්ගලයෙකු බව ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සි හිමි පවසයි.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ජේ.ආර්. ජයවර්ධන තරුණ වයසේ දී බලයට පැමිණියේ නම් අද රට මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බවයි.

අද එසේ යමක් කළ හැකි නායකයෙකු වේ නම් ඒ රනිල් වික්‍රමසිංහ බවත් ඔහු අනුගමනය කරන්නේ ජේ.ආර්. දර්ශනය බවත් විපස්සි හිමි කීය.

ජයවර්ධන ජනාධිපතිතුමා සමග ඇති ලේ නෑකම, ඇසුර සහ උදාර නායකත්ව ලක්ෂණ නිසා එම හැකියාව රනිල් වික්‍රමසිංහට ඇති බවයි, එහිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

දේශපාලනය පාර්ලිමේන්තුවට සීමා කිරීම රටට පුරුදු කළ යුතු බවත් ජපානයේ දියුණුවේ රහස එය බවත් ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සි හිමි අවධාරණය කළේ ජේ.ආර්. ජයවර්ධනගේ 26 වන ගුණානුස්මරණ පිංකමට එකතු වෙමිනි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *