ජෙරම් බුදු දහමට අපහාස කරද්දි සජිත් නිහඬ ඇයි…?

May 18, 2023 at 8:24 am | by emanisa.lk

දේවගැති ජෙරම් ප්‍රනාන්දු බුදු දහමට කළ අපහාසය සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සිය මතය රටට ප්‍රකාශ කළ යුතු යැයි හිටපු ඇමැති පී. හැරිසන් පවසයි.

ජෙරම් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා විවේචනය කර තිබුණත් ඒ සම්බන්ධයෙන් විපක්‍ෂ නායකවරයා කිසිවක් ප්‍රකාශ කර නැතැයි ද හිටපු ඇමැතිවරයා කීය.

ඊයේ (17 ) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හැරිසන් මේ බව ප්‍රකාශ කළේය.

රට පුරා මහ ජනතාවගේ ප්‍රධාන මාතෘකාවක් වූ මේ පුද්ගලයා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසට නොපෙනුණේ ඇයි ද කියා හිටපු ඇමැති හැරිසන් විමසයි.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් විපක්‍ෂ නායකවරයා කිසිවක් හෝ ප්‍රකාශ නොකරන්නේ ඔහු සමග පවතින සබඳතාවක් නිසාදැයි සැකයක් මතුවී තිබෙන බව ද පී. හැරිසන් =වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස