ජූලියා සැලුන් එකේ…ජවිපෙ ඕස්ට්‍රේලියාවේ..! රනිල් ආවම ඔක්කොම හීලෑ වෙලා..! – විමල්…

July 1, 2023 at 11:16 am | by emanisa.lk

“නවය : සැඟවුණු කතාව” නමින් තමන් රචනා කළ පොතේ සඳහන් කරුණු සම්බන්ධයෙන් හැකි නම් නඩු පවරන ලෙස හිටපු හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

එන්තරවාසි එවා නිහඬව නොසිට නඩු දමන ලෙසත් පොතේ ලියා නැති කරුණු ද උසාවියේ දී සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වීමට තමන් සූදානම් බවත් හෙතෙම සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ නිතර විරෝධතා උද්ඝෝෂණ කළ ජවිපෙ විරෝධතා අතහැර දැන් ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවත් දවසට ට්විටර් දෙකක් පමණ දැමූ ජූලි චන්ග් දැන් සැලුන් ගොස් නියපොතු පාට කර පින්තූර දමන බවත් විමල් වීරවංශ පෙන්වා දෙයි.

විමල් වීරවංශ මේ බව පැවසුවේ කුරුවිට සමූපකාර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රැස්වීමක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *