ජාතික හැඳුනුම්පත සමග ටින් අංකය එයි..!

January 10, 2024 at 6:23 pm | by emanisa.lk

ඉදිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විට ඒ සමග බදු ලියාපදිංචි අංකය හෙවත් ටින් අංකය ලබාගැනීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ් අනුව ඉදිරියේ දී ජාතික හැඳුනුම්පත ලබා ගන්නා අවස්ථාවේ ම සියලු පුරවැසියන්ට බදු අංකයක් ද හිමි වනු ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩි දුරටත් පවසන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දත්ත සම්පූර්ණයෙන් පරිගණකගත කර බදු සම්බන්ධ ක්‍රමවේදය ශක්තිමත් කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *