ජවිපෙ මන්ත්‍රීවරුන් මහා මිනිස් ජාවාරමක…! තරුණ තරුණියන් බුරුතු පිටින් පිටරටවල අතරමං..!

April 26, 2023 at 4:24 pm | by emanisa.lk

අම්බලන්තොට ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තායිලන්තයට, ලාඕසයට සහ මියන්මාරයට තරුණ තරුණියන් යවමින් මිනිස් ජාවාරමක නිරතව ඇතැයි අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඒ සඳහා චෝදනා ලැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ද දැන් ඇප ලබා නිරුපද්‍රිතව සිටින බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

එම රටවල අතරමංව සිටින මෙම තරුණයින් නැවත ගෙන්වා ගැනීම සඳහා රජය මැදිහත්ව කටයුතු කරන බව ප්‍රකාශ කළ මනූෂ නානායක්කාර වැඩි දුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මිනිස් ජාවාරමේ ලාංකික ඉත්තන් වන්නේ ජවිපෙ මන්ත්‍රීවරුන් බවයි.

පාර්ලමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස