ජවිපෙ ඡන්දයක් තියන්න කෝඳුරු තෙල් හත් පට්ටයක් සහ තවත් ටිකක් සොයයි

January 21, 2019 at 10:00 am | by admin

පසුගිය අඟහරුවාදා ජවිපෙ පක්ෂ නායකයින් රැස්වී කතා කළේ ඉදිරි මැතිවරණයක් සඳහා පක්ෂය ප්‍රවර්ධනය කළ යුතු ආකාරය ගැනය. “දිස්ත්‍රික් බලමණ්ඩල, ආසන බලමණ්ඩල කැඳවීම් පෙබරවාරි මුල් සතියේ ආරම්භ කරලා මාර්තු මාසේ අවසන් වන විට සම්පූර්ණ කරන්න ඕනෑ. මේ වෙනකොට පක්ෂය එක්ක වැඩකරන්න කැමැත්තෙන් බිම් මට්ටමේ විශාල පිරිසක් ඉන්න බව තේරෙනවා.

ඒ නිසා ඒ අය පක්ෂ යාන්ත්‍රණයට සම්බන්ධ කරගන්න ඕනෑ” ටිල්වින් සිල්වා කියා සිටියේය. “ඔව්, ජනාධිපතිවරයා කියලා තිබුණා පළාත් සභා මැතිවරණයක් ගැන. එයා පම්පොරි ගහනවා. අලුත් ක්‍රමයට තියනව නම් සීමා නීර්ණය අවසන් කරන්න ඕනෑ. පරණ ක්‍රමයට තියනවා නම් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කරගන්න ඕනෑ. ආණ්ඩුවේම අඩුපාඩු නිසා තමයි ඡන්දය කල් යන්නේ.” විජිත හේරත් කීවේය.

“බලමණ්ඩල සංවිධානය කරන්න තේමාවක් ඕනෑ” සුනිල් හඳුන්නෙත්ති කීවේය. “වසර 70ක් මාරුවෙන් මාරුවට මේ පක්ෂ දෙක රට කාලා දැම්මා. අපි දැන් ජනතාවට පණිවිඩයක් දෙන්න ඕනෑ රට දිනවන්න අපි සූදානම් ඒකට එකතු වෙන්න කියලා.” ලාල්කාන්ත යෝජනා කළේය. “රට දිනවන අභියෝගයට අපි සූදානම් කියලා තේමාව ගමු” ටිල්වින් සිල්වා යෝජනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස