ජනමාධ්‍ය මංගලගෙන් ගැලවෙයි!

January 26, 2019 at 6:12 am | by admin

ජනමාධ්‍ය ඇමැති ධුරයෙන් මංගල සමරවීර ඉවත්කර එම ධුරයට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයකු පත් කිරීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමුව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ නොමැති නම් මංගල සමරවීර එම ධුරයේ සිටියදී වෙනත් අයකුට ජනමාධ්‍ය අමාත්‍යංශයේ පූර්ණ බලතල සහිතව කැබිනට් නොවන හෝ රාජ්‍ය ඇමැති ධුරය ලබාදීමට සැලසුම් කර තිබේ.

අදාළ අමාත්‍යාංශයෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් වූ ප්‍රචාරණ වැඩසටහන් නියමිත ආකාරයට ජනතාව අතරට නොයන බවටත් පක්ෂයේ සෙසු මැතිඇමැතිවරුන්ට ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් සහයෝගයක් නොලැබෙන බවටත් චෝදනා එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස