ජනපති- සජිත් සාකච්ඡා සාර්ථකයි! ජනපති සුපුරුදු ලෙස අඩියක් පිටුපසට තබයි! කැබිනට් මණ්ඩලය 18 කැඳවයි!

June 13, 2019 at 2:16 pm | by emanisa.lk

පාස්කු කාරක සභාවට ජනාධිපතිවරයා විරෝධය දැක්වීම සහ එජාපය ඊට එකඟ නොවීම නිසා මතු වූ ගැටලුව පසුගිය සතියේ කැබිනට් හමුව නොපැවැත්වීම දක්වා දුරදිග ගියේය.

මේ නිසා රටේ අරාජිකත්වයක් නිර්මාණය වූ අතර කැබිනට් පත්‍රිකා 100කට අධික ප්‍රමාණයක් සාකච්ඡාවට ගැනීම පිණිස ගොඩ ගැසී ඇතැයි වාර්තා වූ අතර සියල්ල ව්‍යාකූල වන පසුබිමක ජනාධිපතිවරයා තජිකිස්තානය බලා ද අගමැතිවරයා සිංගප්පූරුව බලා ද නික්ම ගියහ.

කෙසේ වුවද ජනාධිපතිවරයා සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එජාප ප්‍රබලයන් කිහිප දෙනෙකු අතර ඇති වූ සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලය ලෙස ලබන අඟහරුවාදා එනම් 18 වෙනිදා සුපුරුදු පරිදි කැබිනට් හමුව පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

එහෙත් පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාමට එජාපය තීරණය කළ අතර හෙට දින හිටපු නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඇතුළු තිදෙනෙකු ඒ වෙත කැඳවීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *