ජනදුක හඳුනන ජනකගේ මාසික නිල රථ කුළිය 375 000යි..!

September 11, 2023 at 4:13 pm | by emanisa.lk

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක එම ධුරයේ කටයුතු කළ සමයේ භාවිත කළ මෝටර් රථය සඳහා මාසිකව රුපියල් 375,000ක කුලියක් ගෙවා ඇති බව හෙළි වී තිබේ.

එය රජයේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ලබා ගෙන ඇති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් මූල්‍ය රෙගුලාසි යටතේ ගනු ලබන ක්‍රියාමාර්ග සති දෙකක් තුළ වාර්තා කරන ලෙස කමිටුව විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වරයාට දන්වා තිබේ.

එමෙන්ම අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගන්නා ගැනීමට ද කටයුතු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *