අද රටේ මංකොල්ලකෑම් වැඩි ඇති අතර බත් හට්ටිය, පාන් ගෙඩිය උදුරා ගෙන දුවන තැනට රට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඒ අන්කිසිවක් නොව ආර්ථික අර්බුදයේ පීඩනය පිට වන ආකාරය බව ද හඳුන්නෙත්ති සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ, කිලිනොච්චියේ දී මාස 09ක අධි මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෙකු තමන්ට හමු වූ බවයි.
මෙවැනි භයානක තත්ත්වයක දී පවා ජනතාවට සහනාධාර ලබා දීමට කටයුතු කර නොමැති බවට ද සුනිල් හඳුන්නෙත්ති චෝදනා කළේය.
ජනතා විමුක්ති පෙරමුණු මාධ්‍ය හමුවක් අමතමින් අද (17) ඔහු මේ බව සඳහන් කළේය.