ජනතාව ණය බරින් මුදාගන්න එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය දෙනවා! උතුරු නැගෙනහිර ණය කැපුවා! – සභානායක කිරිඇල්ල

January 24, 2019 at 1:49 am | by admin

ජනතාව ණය බරින් මුදවා ගැනීමට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන රජය හඳුන්වා දුන් බවත් මෙම වැඩසටහන මඟින් ප්‍රථමවරට බැංකු ගමට ගිය බවත් සභානායක, රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී ණය සහනදායක (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේ දී සභාව අමතමින් මෙසේ ප්‍රකාශ කළේ ය.

එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

විශේෂයෙන් උතුරු නැඟෙනහිර ජනතාව ගැන කල්පනා කරල ඒ අයගේ ණයවලින් සීයයට ගණනක් කපා දමන්න කටයුතු කළා. බැංකු වලින් ඉක්මනින් ණය ලබාදිය යුතුයි. මේ ප්‍රශ්නයට විසඳුම එයයි . ඒ නිසා රජය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පටන් ගත්තේ. මේ වැඩසටහනින් ප්‍රථමවරට බැංකු ගමට ගියා. මේ ප්‍රශ්නය රජය දන්නවා. මේ ගැන සොයා බලා තවදුරටත් කටයුතු කර පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන වැඩසටහන යටතේ ද සිදුවන්නේ ජනතාවට රාජ්‍ය බැංකු ඔස්සේ ණය ලබා දීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස