ජනතාවට වර්ජන ගර්ජන බෑ..! විදුලිය සෞඛ්‍ය අත්‍යවශ්‍ය වෙයි..!

June 9, 2022 at 8:21 am | by emanisa.lk

විදුලිබල සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (8) රාත්‍රී නිකුත් කළේය.

විදුලිබල සැපයුම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය එම ගැසට් නිවේදනයේ උපලේඛණයේ අත්‍යවශ්‍ය සේවා ලෙස සඳහන් වේ.

ජනාධිපතිවරයා ලෙස 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගැසට් නිවේදනය ඉදිරිපත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *