ජනකට ගැලරිය තහනම් වුණාට රත්තරන් සමග හසු වූ මන්ත්‍රී පාර්ලිමේන්තු ඇවිත්…! – සජිත්…

May 25, 2023 at 12:15 pm | by emanisa.lk

ජනක රත්නායකට පාර්ලිමේන්තු ගැලරිය තහනම් වී ඇති නමුත් හොරෙන් රත්‍රං ගෙනවිත් අසු වූ මන්ත්‍රීවරයාට දඩ ගෙවා එක් දිනකින් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමාට එරෙහිව විවාද වන යෝජනාව නැරඹීමට ජනක රත්නායකට අවස්ථාව දිය යුතු වුවත් ගැලරිය වසා ඇති බව පවසමින් ඊට ඉඩදී නැති බව ද විපක්ෂ නායකවරයා කීය.

එහෙත් හොරෙන් රත්‍රං භාණ්ඩ ගෙන්වා ප්‍රභූ පර්යන්තයෙන් පැමිණි මන්ත්‍රීවරයකුට දඩ මුදල් ගෙවා අද විවාදයටත් එන්න පුළුවන් වෙලා. ‘මේකද සිස්ටම් චේන්ජ් එක’ යැයි ද හෙතෙම ප්‍රශ්න කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස