ඡන්දේ තියන්න මැකොට ජනතාවගෙන් මනි ඕඩර්…!

February 22, 2023 at 1:21 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මනි ඕඩර් යැවීමේ වැඩසටහනක් අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලයේ දී සිදු කළහ.

මෙහිදී රුපියල් සියයයේ සිට රුපියල් පන්සියය දක්වා මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නමට යැවීම සිදුවිය.

එම පිරිස පැවසූවේ මැතිවරණය යනු ව්‍යවස්ථානුකූලව ජනතාවට ලැබී ඇති මූලික අයිතිවාසිකමක් බැවින් එම මැතිවරණය පවත්වා ජනතා අයිතීන් රැකදීම රජයේ වගකීමක් වන බවය.

එලෙස තම මූලික අයිතිය රැක දීමට රජයට මුදල් නොමැති බව පවසන බැවින් තමන් විසින් ම උපයා ගත් මුදල් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යැවීමට කටයුතු කල බව ද ඔවුහු සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *