ඡන්දෙ තියන දවස මාර්තු 03 කියනවා..! – මැකො

February 24, 2023 at 3:59 pm | by emanisa.lk

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (24) පෙරවරුවේ රැස්ව එම තීන්දුව ගෙන තිබේ.

කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බව ද කොමිසම සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා එහි සාමාජිකයින් වන එස්.බී. දිවාරත්න, එම්.ෙඑම්. මොහොමඩ් සහ කේ. පී. පී. පතිරණ එක්වී සිටි බව ද වාර්තා විය.

ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉදිරිපත් කිරීමට ද තීරණය කර තිබේ.

කෙසේ වුව ද මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු නැති බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශ කිරීම මැයි මස 11 වෙනිදාට කල්තබා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *