ඡන්දෙ කල් දැම්මේ නෑ…! කල් දාන්න ඡන්දයක් නෑ….! – ජනපති…

February 23, 2023 at 1:30 pm | by emanisa.lk

ඡන්දේ කල් නොදැමූ බවත් කල්දාන්න ඡන්දයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

“විපක්ෂ විවාදය ඉල්ලුවේ අත්‍යවශ්‍ය සේවා ගැන නෙමෙයි. ඡන්දෙ කල් දානවා කියලයි. ඡන්දෙ කල් දමා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. මම මේ විවාදයට ඇතුල් වුණේ නෑ. මම කලින්ම මේ බව කිව්වා. මට දේශපාලනය උවමනා නෑ කියා මා කිව්වා.

මැතිවරණ කොමිසමත් මේ ඡන්දෙ ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බැහැ කියලා. දිවුරුම් පෙත්සම දුන් නිසා වචන කීපයක් කතා කරන්න මා සිතුවා.”

අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *