චීනෙට වඳුන්ට පටවන්න තීණ්දුවක් අරන් නෑ..! – කෘෂිකර්ම අමාත්‍යංශය…

April 15, 2023 at 3:10 pm | by emanisa.lk

චීනයට වඳුරන් ලබා දීම පිළිබඳ මෙතෙක් අවසාන තීන්දුවක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

චීනය පුරා සත්ත්ව උද්‍යාන දහසක් පවත්වාගෙන යනු ලබන සමාගමක් විසින් රිළවුන් ලබාදෙන ලෙස ඉල්ලීම සිදුකර ඇති බවයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“චීනයේ එක සමාගමක්, ඒ කියන්නේ චීනයේ සත්ත්ව උද්‍යාන දහසක් වගේ පවත්වාගෙන යන සමාගමක්. ඒ සමාගම කියන්නේ ඔවුන්ගේ සත්ත්ව උද්‍යානවලට රිලවු නැහැයි කියලා. ඔවුන්ට දැනට සිටින ප්‍රමාණය මදියි. ලංකාවේ රිලවු ලක්ෂ 30ක් විතර සිටිනවා. ඒ නිසා ඉන් ලක්ෂයක් පමණ ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා.

ඒ ඉල්ලීම ආවට පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට අපිට තනිවම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බැහැ. වනජීවී සහ වන සංරක්ෂණ පනත තියෙන්නේ අපේ යටතේ නෙමෙයි. ඒ නිසා සියලුම අංශ කැඳවලා සාකච්ජාවක් කළා. ඒකට වනජීවී දෙපාර්තමේන්තුව ආවා, සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඇතුළුව සියලුම අංශ ගෙනල්ලා සාකච්ජාවක් කළා.

දැනට තියෙන ප්‍රතිපාදන යටතේ සත්ත්ව උද්‍යාන වෙත සතුන් ලබාදීමේ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ සත්ත්ව උද්‍යාන සඳහා සතුන් ලබාදෙන්න පුළුවන්. රිලවා කියන්නේ ආරක්‍ෂිත ලැයිස්තුවේ සිටින සතෙක් නෙමෙයි. ඒ වුණත් මේ සම්බන්ධව වැඩි දුරටත් නීතිමය පසුබිමක් සකස් කරන්න අවශ්‍යයි කියලා අමාත්‍යතුමා පැවසුවා.”

කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරියෙක් බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එකතු වෙමින් මේ බව කීය.

“ඒ අනුව මේ කරුණ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරලා, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මේ නීතිමය කටයුතු සම්පාදනය කරන්න කමිටුවක් පත් කරන්න. එතකොට ඒ කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නියෝජනය කරනවා. ඒ කමිටුව රැස්වී ගන්නා තීරණය අනුව තමයි ඉදිරි තීන්දු ගන්නේ. ඒ ඇරෙන්න රිලවුන් චීනයට යවන්න මේ වෙද්දී තීරණයක් අරන් නැහැ,”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස