චැනල් 4 චිත්‍රපටයට ආරක්ෂක අමාත්‍යංශය පිළිතුරු දෙයි..!

September 9, 2023 at 8:34 am | by emanisa.lk

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය, චැනල් 4 වීඩියෝව හරහා එල්ල කරන ලද අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මෙම කරුණු අවධාරණය කර ඇත.

මේ අතර සත්‍යය, යුක්තිය සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත අවධාරණය කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම ප්‍රහාරයට මේජර් ජනරාල් සුරේෂ් සාලේ සම්බන්ධ බවට සිදුකළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන ආරක්ෂක අමාත්‍යංශය, ඔහු එම කාලය තුළ ලංකාවේ නොසිටි බවත් බුද්ධි අංශවල සේවය නොකළ බවත් අවධාරණය කරයි.

කෙසේ නමුත් චැනල් 4 නාලිකාව මඟින් ඉදිරිපත් කරන ලද පදනම් විරහිත, ද්වේශ සහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නඟින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාකයක් සඳහා චැනල් 4 නිසැකවම වගකිව යුතු බව ද ආරක්ෂක අමාත්‍යාංශය තරයේ කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *