චමරි අතපත්තුට කැපිල්ලක්…! ඉන්දීය ලීග් තරඟාවලියට නොගනී…!

December 11, 2023 at 11:58 am | by emanisa.lk

ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) පැවති ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී චමරි අතපත්තු කිසිදු කණ්ඩායමක් මිලදී නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.

ඕස්ට්‍රේලියාවේ පැවැති බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ චමරි අතපත්තු ලොව 07 වැනි දක්ෂත ක්‍රීඩිකාව ලෙස දක්වා තිබේ.

මෙවර ඉන්දිය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රීඩිකාවන් වෙන්දේසියට ක්‍රීඩිකාවන් 165 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අතර ඉන් ක්‍රීඩිකාවන් 30 දෙනෙක් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 විසින් මිලදී ගැනීමට නියමිතව තිබුණි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානී මහේල ජයවර්ධන ඇතුළු කණ්ඩායමේ හිමිකරුවන්ද මෙම ක්‍රීඩක වෙන්දේසියට එක්ව සිටියේය.

මුම්බායි ඉන්දියන්ස් කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකාරිනී චාර්ලට්ස් එඩ්වර්ඩ්ස් පැවසූවේ චමරිව මිලදී නොගැනීම සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්ව සිටින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *