චන්ද්‍රිකා, නිමල් සිරිපාල, අමරවීර, රංජිත් රොත්ත පිටින් ශ්‍රීලනිපයෙන් පන්නයි…!

November 22, 2022 at 10:47 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර තිබේ.

ඒ අනුව පක්ෂයේ අනුශාෂිකා, හිටපු සභාපතිනි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපති සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.

ඊයේ (21) පස්වරුවේ රැස් වූ මධ්‍යම කාරක සභාවේදී මේ බව තීරණය කර තිබේ.

තව ද එම පිරිසට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර එම කටයුතු නිමා වන තෙක් මේ පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන ඇත.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් සඳහන් කළේ, පක්ෂය තුළ අනවශ්‍ය බෙදීම් ඇති කළ බවට සහ පක්ෂ විනය කඩ වන අයුරින් කටයුතු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *