ගෝල්ෆේස් අරගලකරුවන්ට ගැහුවේ ගෝඨාභයට විරුද්ධව…! – ගෙවිඳු…

May 12, 2023 at 11:06 am | by emanisa.lk

පසුගිය මැයි 09 වෙනිදා ගාලු මුවදොර අරගලකරුවන්ට අරලියගහ මන්දිරයේ සිට ගිය පිරිසක් පහර දුන්නේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව බව උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම් ගෙවිඳු කුමාරතුංග පවසයි.

ජනාධිපතිවරයා අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් කොට සීමිත කැබිනට් මණ්ඩලයක් සහිත සියලු පක්ෂ නියෝජනය කරන ආණ්ඩුවක් තැනීමට උත්සාහ කිරීම එම විරෝධයට හේතුව බවයි, ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේ.

එම ආණ්ඩුවේ අගමැති ධූරය රාජපක්ෂ නොවන අයකුට හිමි වුවහොත් සිය පවුලට රාජ්‍ය පාලනය පමණක් නොව පොහොට්ටුවේ පාලනය ද අහිමි වන නිසා බියට පත් ඇතැම් රාජපක්ෂවරුන් මේ පිටුපස සිටින බවට ද ඔහු චෝදනා කළේය.

09 වෙනිදා උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් ගෙවිඳු කුමාරතුංග මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස