ගෝඨා එනවා නම් හොඳයි! අපි උඩින්ම දිනනවා – රාජිත දිනන හැටි ගණන් හදා පෙන්වයි

January 19, 2019 at 6:29 am | by admin

මව්බිම පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ එළඹෙන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරන්නේ නම් හොඳ බවය. සාකච්ඡාවේ ඊට අදාළ කොටස මෙසේය.

අනෙක් පාර්ශ්වයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයක් ගැන සෘජු ප්‍රකාශයක් කළා. එය ඔබලාට විශාල අභියෝගයක් නේද?
කොහෙද අභියෝගයක් වෙන්නේ? තවම එයාට මෙහෙ ඡන්දෙ ඉල්ලන්න නම් ඇමෙරිකානු පුරවැසි භාවය අහෝසි කරන්න ඕනෑ කියන ඒ කොළේ ගෙනත් මේ රටේ මිනිස්සුන්ට පෙන්නන්න ඕන. රටේ මැතිවරණ කොමසාරිස්ට පෙන්නන්න එපැයි. තවම ඒකත් නැහැ. තවම ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය සතු පුද්ගලයෙක්. අනික් එක එයා තරග කරනවා නම් හොඳයිනේ. එක අතකින් අපේ පැත්තෙන් හොඳ අපේක්ෂකයෙක්. මොකද ඔහුට කිසිම සුළු ජන ඡන්දයක් නැතිව ඔහුත් එක්ක තරග කරන අපේ අපේක්ෂකයා 30%කින් පටන් ගන්න කොට ඔහු පටන් ගන්නේ 0%කින්.

නමුත් ගොඩනැඟී තිබෙන මතය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංහල බෞද්ධ ඡන්ද පදනම හොඳ මට්ටමක පවතින බවයි කතාබහට ලක්වෙන්නේ?
සිංහල බෞද්ධ ඡන්දවලින් 70%කින් ඔහු කොච්චරක් ගන්න ඕනෑද? 50%ක් එතකොට ඔහු ගන්න ඕනෑ. ඒ කියන්නේ මුළු මහත් ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ඔහු ගන්න ඕන. 75%ක් ගන්න එපැයි මේ ඡන්දෙදි. එතකොට 75%ක් ගන්න ඡන්ද අපේක්ෂකයා කවුද? මොකද සිංහල බෞද්ධයෝ කොච්චර ඉන්නවද අපේ පෙරමුණත් එක්ක එකතු වෙලා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස