ගෝඨාට විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද ලබා දුන්නේ ඇයි…? – මුජිබර් රහුමාන්…

June 15, 2023 at 6:13 pm | by emanisa.lk

ජන විරෝධය හමුවේ තනතුර හැර ගිය හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි වරප්‍රසාද ලබා දී තිබේ දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු මුජිබර් රහුමාන් විමසයි.

ජනාධිපති කාර්යාලයට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව විමසා තිබේ.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 3(1) වගන්තිය යටතේ මුජුබුර් රහුමාන් මේ තොරතුරු ඉල්ලා සිටී.

ජනාධිපති තනතුර හැර යාමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂට රජය මගින් නිල නිවසක් ලබා දී තිබේද? එම නිල නිවස නඩත්තුව සඳහා මසකට රජය කොපමණ මුදලක් වැය කරනවා ද? නිල නිවස ගෝඨාභය රාජපක්ෂ සඳහා වෙන් කිරීමෙන් පසු මේ දක්වා රජය මගින් වැය කර ඇති මුදල කොපමණද? ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට ලබාදී ඇති වාහන සංඛ්‍යාව කොපමණද? ආදී ප්‍රශ්නවලට පිළිතුරු මුජුබර් රහුමාන් මහතා ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *