ගෝඨාගේ වැඩපිළිවෙළ සාර්ථකයි..! කාබනික ගොවිතැන රටට ඩොලර් ගේනවා..! – හර්ෂ ද සිල්වා..

March 5, 2023 at 3:46 pm | by emanisa.lk

කාබනික වගාවන් සිදුකරන සුළු පරිමාණ ගොවීන් 3,600 ක් සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලංකාවෙන් කුළුබඩු අපනයනය කරන ප්‍රධාන සමාගමක් වන Joint Agri Products Ceylon සමාගමේ වැලිවේරියේ පිහිටි නවතම කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට මා සහභාගී වුණා.

මෙම සමාගම මෙම ව්‍යාපාරය කිරීමට අත්වැල් බැඳගෙන තිබෙන්නේ කුඩා කාබනික ගොවීන්ගේ සංගමය (SOFA) සමගයි. ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන ගෝලීය නිෂ්පාදන ජාලාවලට එක් කිරීම අපගේ ආර්ථික දැක්මේ ප්‍රධාන උපාය මාර්ගයක්.

මේ තුළින් අපගේ කෘෂි කර්මාන්තය විදේශීය අගය දාමයන්ට සම්බන්ධ කරමින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ඉපැයීමට අපි සැලසුම් කර තිබෙනවා. එවැනි රටට ජීවය දෙන මහඟු මෙහෙවරක යෙදී සිටින මෙම සමාගමටත් එහි කළමනාකාර අධ්‍යක්ෂ වර්නන් අබේරත්න මහතාටත් අධ්‍යක්ෂ චතුර අබේරත්න මහතාටත් මා සුබ පතනවා.

මෙවැනි ව්‍යවසායකයින් තව තවත් අප⁣ගේ රටට අවශ්‍ය අතර එවැනි පරපුරක් බිහිකර ගැනීම මගින් අපිට මේ ආර්ථික අර්බුදවලින් ගොඩ ඒමට හැකියි.

හර්ෂ ද සිල්වා FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *