ගිය මාසේ 50% ඉක්මවූ උද්ධමනය 35%ට බසී…!

May 1, 2023 at 3:49 pm | by emanisa.lk

මෙරට උද්ධමනය සියයට 35.3ක් දක්වා පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව අප්‍රේල් මාසයේ දී එම පහළ යාම සිදුවී ඇති අතර මාර්තු මාසයේදී උද්ධමනය සියයට 50.3ක්ව පැවැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩයන් දෙකේ ම උද්ධමනය පහළ ගොස් ඇති අතර ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි ඉකුත් මාර්තු මාසයට සාපේක්ෂව ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 47.6 සිට සියයට 30.6ක් දක්වා ද ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 51.7 සිට සියයට 37.6ක් දක්වා ද පහළ ගොස් තිබේ.

එළවළු, සහල්, පාන්, මිරිස් ඇතුළු ආහාර කාණ්ඩයන්ගේ මිල අඩුවී ඇති බවත් ප්‍රවාහනය, ඉන්ධන යන ආහාර නොවන කාණ්ඩයන්ගේ මිල අඩු වී ඇති බවත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස