ගල් බෝතලේ අරක්කුවල වටිනාකම රු. 294යි…! ඉතිරි රු. 2646 ම එක එක වර්ගයේ බදු..!

May 21, 2023 at 8:36 am | by emanisa.lk

විවෘත වෙළෙඳපොළේ රුපියල් 2940/-කට අලෙවි වන ගල් අරක්කු ලෙස හැඳින්වෙන අතිවිශේෂ වර්ගයේ මත්පැන් බෝතලයක අඩංගු මත්පැන්වල සැබෑ වටිනාකම රුපියල් 294/- ක් පමණි.

එම වටිනාකම ඉවත් කළ විට ඉතිරි අගය වන රුපියල් 2646/- මුදල රජය පනවා ඇති බදු සහ ව්‍යාපාරිකයාගේ ලාභය සඳහා වෙන්කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි.

එලෙස මත්පැන්වලින් අය කරන ප්‍රධාන බදු වර්ග වන්නේ සුරා බද්ද, වැට් බද්ද, උපයන විට ගෙවීමේ බද්ද ආදී බදු වර්ග රැසකි.

බදු නිසා මත්පැන් මිල ඉහළ ගොස් ඇති නිසා මත්පැන් අලෙවිය 40% කින් පමණ පහළ වැටී ඇති බව පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මත්පැන් නිෂ්පාදකයන් අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස