ගණිකා නිවාසයක් කළ අරගල නායකයා අත්අඩංගුවට…! මංකොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට චෝදනා..!

May 22, 2023 at 12:49 pm | by emanisa.lk

තරුණියන් ඉහළ ගණන්වලට අලෙවි කරන ජංගම ගණිකා නිවාසයක් පවත්වා ගෙන ගිය අරගල සංවිධායකවරයෙකු ඇතුළු 7 දෙනකු අඟුරුවාතොට රෙමුණ ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සිව් දෙනෙකු, ඔවුන් තවත් කුලී රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ද වන බව පොලිසිය පවසයි .

ප්‍රධාන සැකකරු අරගලයේ මුල්පෙළ සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කළ මොරටුවේ පදිංචි (33) පුද්ගලයකු බව පොලීසිය පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ මොවුන් මෙම ජංගම ගණිකා ජාවාරම පවත්වා ගෙන යන බවත්, පොලිසියට ලද තොරතුරකට අනුව උපාය දුතයෙකු යොදවා පැය 06ක් සඳහා රුපියල් 55,000 ක මුදලකට කාන්තාවක් ඇනවුම් කළ බවත් පොලිසිය කියයි.

ඒ අනුව සැකකරුවන් ගැනුම්කරුට තෝරා ගැනීම සඳහා පෙරේදා රාත්‍රියේ මෝටර් රථ දෙකකින් කාන්තාවන් සිව් දෙනෙකු රැගෙනවිත් ඇති විත් ඇති අතර එහි දී ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ප්‍රධාන සැකකරු කලක පටන් මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත්, එම ජාවාරමෙන් ඔහු විශාල වශයෙන් මුදල් උපයාගෙන ඇති බවටත් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. බොරලැස්ගමුවේ කොල්ලකෑමක් ඇතුළු අපරාධ ගණනාවක චූදිතයෙකු වන අතර මොහු වෙනුවෙන් ප්‍රබල නීති විශාරදයෙකු අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස