කොළඹ මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවෙත් කොකේන් ගහනවා! මැති ඇමතිලා 24ක් ගැන රන්ජන් පැමිණිලි කරයි!

February 19, 2019 at 7:26 am | by admin

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු වාහන අංගණයේදී කොකේන් භාවිත කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව ද හෙතෙම පවසයි.

එම මන්ත්‍රීවරයා දිවා ආහාරයේදී මෙසේ සිය වාහනයට පැමිණ කොකේන් භාවිත කර ඇති බවට තොරතුරු ඇතැයි ඔහු සඳහන් කළේය.

අද (18දා) මාදිවෙලදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම කොකේන් පාවිච්චි කරන අය අතර කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්, හිටපු අමාත්‍යවරුන් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම වතුකම්කරුවන්ගේ වැටුප ගැන කථා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොකේන් භාවිත කරන බවට චෝදනාවක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

” මම බොරු කියලා දැනටනම් නන්නත්තාර වෙලා නෑ. කිසිදෙයක් ඉල්ලා අස්කර ගන්නේ නෑ. හෙළිදරව් කරන ඒවා කවදාහරි ඔප්පුවෙලා තිබෙනවා.” යැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *