කොවිඩ් වසංගතයෙන් ලංගමයේ හුළං බහී….! දිනක පාඩුව ලක්ෂ 450යි….!

August 10, 2021 at 8:19 am | by emanisa.lk

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දිනකට රුපියල් මිලියන හතළිස් පහක පමණ පාඩුවක් සිදුව ඇති බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කොවිඩ් ව්‍යාප්තියට පෙර දිනක ආදායම රුපියල් මිලියන 85ක පමණ බව කියා සිටි සභාපතිවරයා කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් එය රුපියල් මිලියන හතලිස් පහ දක්වා අඩු වී ඇතැයි සඳහන් කළේය.

දිනකට ධාවනය වන ලංගම බස්රථ ප්‍රමාණය අඩු වීම, මගී ජනතාව ගමනාගමන පහසුකම් ලබා නොගැනීම, වායු සමීකරණ බස් රථ ජනතාව ප්‍රතික්ෂේප කිරීම මෙන්ම අන්තර් පළාත් බස් රථ ධාවනය නොවීම ඇතුළු කරුණු ගණනාවක් ඊට හේතු වූ බව ද හෙතෙම පැවසීය.

ලංගමයේ සේවකයින් 28 500ක් පමණ සේවය කරන අතර ඔවුන්ගේ මාසික වැටුප් සඳහා රු. මිලියන 900ක් පමණ වැය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *