කොරේ පිටට මරේ! කිරිපිටි සඳහාත් මිල සූත්‍රයක්!

January 25, 2019 at 12:58 am | by admin

කිරිපිටි ආනයනකරුවන් සහ බලධාරීන් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස ඉදිරි සති දෙක ඇතුළත ආනයනිත කිරිපිටි සඳහාත් මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම පදනම් කරගෙන කිරිපිටි මිල ඉහළ දමන ලෙස අදාළ සමාගම් මීට මාස දෙකකට පමණ පෙර ඉල්ලීමක් කර තිබිණි.

මිල ඉහළ නොදමන්නේ නම් රජය ආනයනිත කිරිපිටි කිලෝවකට අය කරන රුපියල් 170ක බද්ද ඉවත් කරන ලෙස එම සමගම් රජයෙන් ඉල්ලා තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සඳහා නිසි ප්‍රතිචාර නොදැක්වීම මත කිරිපිටි ආනයනය 50%කින් පහත දැමීමට ආනයනකරුවෝ කටයුතු කළහ. මේ නිසා ඉදිරි සති දෙක ඇතුළත කිරිපිටි හිඟයක් ඇති වනු ඇත.

අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇතුළු රජයේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී ඉන්ධන සඳහා මෙන්ම කිරිපිටි සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. කෙසේ වුවද ඉන්ධන මිල සූත්‍රය ජනතාවට අනාවරණය කිරීමට රජය මෙතෙක් අසමත් වී ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ එය තමන්ට ද තේරුම්ගත නොහැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස