කොමිස් ගිජුලිහිණි වැඩ අල්ලයි…! අඩු මිල රුසියානු ගල් අඟුරු ටෙන්ඩරයට බාල්දියක්..!

August 26, 2022 at 8:41 am | by emanisa.lk

නොරොච්චෝල ගල්අඟරු බලාගාරය සඳහා රුසියානු සමාගමක් වසර දෙකකට ගල්අඟුරු සැපයීමට ඉදිරිපත්වී සිටිය දී එය කඩාකප්පල් කිරීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බලාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් එහි දී සමාගම් දෙකක් ඉදිරිපත්වී ඉන් රුසියානු සමාගම තෝරගෙන තිබෙන බවත් එහි උසස් නිලධාරියෙක් පැවසීය.

රුසියන් සමාගම කිසිදු මූලික මුදලක් අය නොකර එල්. සී. (ණවර ලිපි) නිකුත් කිරීමට මාස 6ක කාලයක් ද සමග ගල්අඟුරු වසර දෙකකට සැපයීමට ඉදිරිපත්වී ඇති බවත් එම නිලධාරියා කීය.

එම සමාගම මිල සූත්‍රයකට අනුව පෙර සමාගමටත් වඩා අඩු මිලකට ගල්අඟුරු ලබාදෙන දීමට එකඟ වී ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද ඔහු කීය.

දැනට බලාගාරය සතුව එළඹෙන ඔක්තෝබර් වන තෙක් ගල්අඟුරු පවතින බවත් නව ටෙන්ඩරයට අනුව ඔක්තෝබර් අවසානයේ ගල්අඟුරු සැපයීමට අදාළ සමාගම එකඟවී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *