කොමිසමේ මතය නොතකන ජනකට එරෙහිව තීන්දුවක් ගන්නවා…! – සාගර…

May 22, 2023 at 7:29 pm | by emanisa.lk

ස්වාධීන කොමිෂන් සභාවලට පත්කළ යුත්තේ දේශපාලන මතයකින් තොරව ස්වාධීනව කටයුතු කරන පුද්ගලයින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

කෙසේ වුව ද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක දේශපාලන යටි අරමුණකින් කටයුතු කරනවාද යන සැකය ඇති බව හෙතෙම අද (22) ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරය දරන කාලයෙත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලදී ජනක රත්නායක සම්බන්ධයෙන් කරුණු ඉස්මතුකර ඇති බව කී සාගර කාරියවසම්, ඔහු ස්වාධීනව කටයුතු කර නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට ඇති බව ද සඳහන් කළේය.

ජනතාව වෙනුවෙන් කතා කරන බව පෙන්වමින් ඔහු චරිතයක් වීමට උත්සහ දරනවා නම් කවුරු කළත් එය වැරදි බවත් කොමිසමේ සාමාජිකයන් වෙනත් මතයක් සහ සභාපතිවරයා වෙනත් මතයක් දරන විට පෞද්ගලික කරුණක් වෙනුවෙන් කථා කරනවා ද යන ප්‍රශ්නය ඇති වන බවත් හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස