කොටස් වෙළෙඳපොළට බලපෑම් කළ අගවිනිසුරු කවුද?

July 15, 2019 at 2:45 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමට තම පාලන කාලයේ මෙතෙක් කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ එහි සභාපති රනෙල් විජේසිංහ පවසයි.

එහෙත් දශකයකට පමණ පෙර රටේ අගවිනිසුරුවරයා විනිමය හා සුරැකුම්පත් කොමිසමට කතා කර කොටස් වෙළෙඳපොළ නීති විරෝධි ගනුදෙනුවක් පිළිබඳ නඩුවක් ඉල්ලා අස්කර ගන්නා ලෙස නියෝග කරන තැනට වැටී තිබුණු බව ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද දේශපාලකයන් මෙන්ම මෙහි සේවය කළ නිලධාරීන් ද එම තත්ත්වයට වගකිව යුතු බව සභාපතිවරයා අවධාරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ හෝ විෂය භාර මුදල් ඇමති මංගල සමරවීර හෝ කොටස් වෙළෙඳපොළ කටයුතුවලට අත පෙවීමට දුරකතන ඇමතුමක් හෝ ලබා නොදෙන බව සභාපතිවරයා ප්‍රශංසාත්මකව පවසයි.

කිසියම් කටයුත්තක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි බවත් තමන් එය සම්පාදනය කළ බවත් සඳහන් කළ සභාපති රනෙල් විජේසිංහ ජනාධිපතිවරයා තමා කටයුතු කළ ආකාරය පිළිබඳ ප්‍රශංසා කළ බව ද පවසා තිබුණේ The Morning පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිණි.

මේ අතර කොටස් වෙළෙඳපොළට බලපෑම් කළ අගවිනිසුරුවරයා කවුද යන්න පිළිබඳ එහි නිලධාරීන් අතර සංවාදයක් මතුව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස