කොකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ?

February 20, 2019 at 9:00 am | by admin

කොකේන් භාවිත කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මෙසේ පැවැසූයේ ඊයේ (19දා) තංගල්ල කාල්ටන් නිවෙසේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

කොකේන් භාවිත කරන අය කැබිනට් එකේ ඉන්නව නම් ඒක ප්‍රසිද්ධියේ කියන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම චෝදනා කරන්න බැහැ. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලුම දෙනාට චෝදනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අය දැනගන්න ඕනෑ කැබිනට් මණ්ඩලය බේරගන්න. කොකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ.

මේ වකවානුවේදී සිදුවන ඇතැම් සිදුවීම් අසූනවය අනූව කාලයේදී වුණු සිදුවීම් වගෙයි. ඒ කාලයෙත් ඇවිත් උස්සගෙන ගිහින් අතුරුදන් කළා. දැනුත් ඒ වගේ අතුරුදන් කරලා තිබෙනවා. ආණ්ඩුව මේවට වග කියන්න ඕනෑ. මේවායින් මිදෙන්න ඒ අයට බැහැ. රජය වගකීම භාරගත යුතුයි.

පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි. එහෙමත් නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න ඕන. ජනාධිපතිවරණයටත් අපි සූදානම්. ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස