කුරුන්දි විහාරය නොතකා නීතීඥ සංගමය කටයුතු කිරීම ගැන කනගාටුයි ..! – සරත් වීරසේකර…

July 13, 2023 at 3:03 pm | by emanisa.lk

මුලතිව් කුරුන්දි විහාරයේ ඇති වූ සිදුවීමක් සම්බන්ධයෙන් තමන් විසින් ජුලි මස 7 වැනි දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අධිකරණයට බලපෑම් කිරීමක් බව පවසමින් නීතිඥ සංගමයේ සභාපති කවුශල්‍ය නවරත්න එල්ලකර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර පවසයි.

එම විහාරස්ථානයේ ඇති වූ සිදුවීම සොයා බැලීමකින් තොරව මුලතිව්හි නීතිඥයන් සමග එක්වී නීතිඥ සංගමය කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව ද නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් හෙතෙම පෙන්වා දෙයි.

එම ප්‍රකාශය හරහා අධිකරණයට කිසි ලෙසකින්වත් බලපෑම් නොකළ බව ද, වරක් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ ද එදා නීතිඥ සංගමය නිහඬව සිටි බවත් එම ලිපිය මගින් සිහිපත් කරයි.

එමෙන්ම විශේෂ වාර්තාකාරිනියක වූ මොනිකා පින්ටෝ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් චොදනා නගමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්ථාවක් ඉදිරිපත් කර තිබූ බවද, එම වාර්තාව සම්බන්ධයෙන් ද නීතිඥ සංගමය නිහඬව සිටි බව ද සරත් වීරසේකර එම ලිපියෙන් චෝදනා නගා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *