කුමාර වෙල්ගම යළි මහින්ද ළඟට….!

April 1, 2024 at 5:08 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පසුගිය 28 වන දින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මුණගැසී ඇතැයි වාර්තා වෙයි.

එහි දී ඇති වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔහු නැවත් මහින්ද රාජපක්ෂ සමග එක්ව කටයුතු කිරීමේ තීන්දුවකට එළබී ඇත.

කුමාර වෙල්ගම පවසන්නේ තමන්ට හදවතේ නායකයින් දෙදෙනෙක් සිටින බවත් ඉන් එක් නායකයෙකු වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දැනට ජීවතුන් අතර නැති නමුත් තම හදවතේ නායකයා වූ මහින්ද රාජපක්ෂ ජීවතුන් අතර සිටින නිසා තමන්ට ඔහු ළගට යාමට බාධාවක් නැති බවය.

ඒ් අනුව කුමාර වෙල්ගම හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිංහල අලුත් අවුරුද්දට පෙර මතුගමදී පැවැත්වෙන ජන රැලියකට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට දීමට එරෙහිව කුමාර වෙල්ගම එම පක්ෂයෙන් ඉවත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *