කින්නියා උණුසුම්! වැලි ජාවාරම් වැටලීමට ගිය හමුදාවට ප්‍රහාරයක්! සෙබළු 12කට තුවාල! 4කට බරපතළයි!

January 29, 2019 at 3:12 pm | by admin

තිරිකුණාමලය – කින්නියා – කන්දල්කාඩු ප්‍රදේශයේ මහවැලි ගං මෝය ආසන්නයේ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ ඔවුන් විසුරුවා හැරීමට නාවික හමුදාව අහසට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

එහිදී ගඟට පැන පලා යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව නිවේදනය කළේය.

එම අවස්ථාවේදී රැස්වූ පිරිස නාවික හමුදාවට පහර දී ඇති වී ඇති අතර නාවික හමුදා සෙබලු දොළොස්දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත. ඉන් සිව්දෙනකු බරපතළ තුවාල ලබා ඇත. රැස් වූ සෙනඟ අතර පොලු මුගුරු ගත් පිරිසක් සැරිසරනු වීඩියෝවල දැකිය හැකිය.

මේ අවස්ථාවේ නාවික හමුදාව අහසට වෙඩි පහර දෙකක් එල්ල කර ඇත. පසුව පැමිණි පොලිසිය හා විශේෂ කාර්ය බලකාය තත්ත්වය පාලනය කිරීමට කටයුතු කිරීමට කටයුතු කර ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස