කැඩුණු විදුලි සෝපානයෙන් තැපෑල වර්ජනයකට…?

March 10, 2024 at 4:30 pm | by emanisa.lk

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව වාර්තා වෙයි.

එම පරිශ්‍රයේ අක්‍රීය වී ඇති විදුලි සෝපානයක් අලුත්වැඩියා නොකිරීමට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.

සිය නිල රාජකාරීවලින් බැහැරව වෘත්තීය සමිති ක්‍රීයා මාර්ග වෙත එළඹෙන සේවකයින් සඳහා කිසිදු අඩු කිරීමකින් තොරව මහජන බදු මුදලින් වැටුප් ගෙවන ලොව එක ම රට ශ්‍රී ලංකාවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *