කළු මැතිවරණ ඉතිහාසයක් ඇති එජාපයට ඡන්ද කල් දාන එක සුළු දෙයක්!

January 24, 2019 at 5:46 am | by admin

මැතිවරණ සම්බන්ධයෙන් බරපතළ කළු ලප රාශියක් පවතින එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කල්දැමීම යනු එතරම් අපහසු කරුණක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි.

“මැතිවරණය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අයිතියක්. පළාත් සභා මැතිවරණය සභා 3ක කල් දාලා වසර 1 1/2ක්. සභා 3ක් කල් ගිහින් මාස 4ක් වෙනවා. පෙබරවාරි 10 වැනිදට තවත් සභා 2ක් කල් යනවා. ඌව පළාත් සභාව විතරයි මේ වසරේ සැප්තැම්බර් දක්වා යන්න අවස්ථාව තියෙන්නේ.

මේ අත්දැකීම් පළාත් පාලන ආයතන සම්බන්ධයෙනුත් අපි වසර 2ක්ම වින්දා. ඒ නිසා ප්‍රධාන පාර්ශ්ව 4කට වගකීම පැවරෙනවා මැතිවරණයක් ලබාගැනීමේ අයිතිය තහවුරු කිරීමට. ඉන් ප්‍රධාන වගකීම මැතිවරණ කොමිසමට තියෙනවා. එහි සභාපතිවරයාට ස්තුතිවන්ත විය යුතුයි ඔහු විවෘත භාෂාවෙන්ම මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමක් කියා කළ ප්‍රකාශය සම්බන්ධව.

අපි මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක් කරනවා තව දින කිහිපයක් ඇතුළත අපි ප්‍රවේශ වන අධිකරණ ක්‍රියාමාර්ගය තෝරාගැනීමේදී මැතිවරණ කොමිසම චකිතයකින් තොරව පුරවැසියන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න කියලා.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මැතිවරණය වසර 5කට කල් දාපු පක්ෂය තමයි යූ.ඇන්.පී.ය. ඉතාම අවනීතික මැතිවරණයක් ජනමත විචාරණය නමින් පවත්වනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති ලියවිල්ල ඇතුළු සමස්ත ක්‍රියාමාර්ගය මා දකින්නේ යූ.ඇන්.පී., ටී.එන්.ඒ. පරස්තාව හෙවත් අවස්ථාවාදීන්ගේ ව්‍යවස්ථානුකූල කුමන්ත්‍රණය ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස