කම්කරුවන්ට රු.1000ක් දෙනු! බැරිනම් වතු රජයට දෙනු! – ඇමති කිරිඇල්ල

January 29, 2019 at 3:31 am | by admin

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් ලබාදිය නොහැකි නම් කරුණාකර සියලු වතු රජයට නැවත ලබාදීමට කටයුතු කරන ලෙස තමා වතු සමාගම් හිමිකරුවන්ට අභියෝග කරන බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

තමාගේ මතයද කම්කරුවන්ට රුපියල් 1000 ලබාදීම බවත් වතු සමාගම් හිමිකරුවන් සිදුකරමින් සිටිනුයේ සම්පූර්ණයෙන්ම බොරුවක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

වතු කම්කරුවන්ගෙන් ශ්‍රමය උපරිම අන්දමින් ලබාගනිමින් වැඩි ලාභයක් හිමිකරගන්නා සමාගම් හිමිකරුවන් කිසි දිනක සැබෑ ගිණුම් පෙන්වන්නේ නැතැයිද ඔහු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස