කදිරගාමර් ඝාතකයා අත්අඩංගුවට ගනී!

January 19, 2019 at 6:14 am | by admin

හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපිට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු ජර්මානු බලධාරීන් විසින් ජර්මනියේදී අත්අඩංගුවට ගෙන ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

39 හැවිරිදි “නවනීදන්” නමැති මෙම සැකකරු නිරිතදිග ජර්මනියේ ඔහු පදිංචිව සිටි නිවෙසේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවට විදේශ මාධ්‍ය සඳහන් කර සිටියි.

විදෙස් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයකු වීම සහ ඝාතන කුමන්ත්‍රණය සඳහා සහාය දැක්වීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 2005 වසරේදී හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතන කුමන්ත්‍රණයේ සාමාජිකයකු බවට සහ ඊ.පී.ඩී.පී. පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ අයකු බවට ජර්මන් ආරක්ෂක අංශ සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස