කතරගම වන්දනාවේ යන යාපනේ බැතිමතුන්ට හමුදාවෙන් මග දිගට උවටැන්….!

May 15, 2023 at 5:16 pm | by emanisa.lk

සෙල්වම් සන්නිදි මුරුගන් කෝවිලේ සිට කතරගම දේවාලය දක්වා සිදුකරන වාර්ෂික පාද යාත්‍රාව පසුගිය 06 වන දින ගමන් ආරම්භ කළ අතර 09 වන දා කිලිනොච්චියට ළඟා විය.

මෙම වන්දනා ගමනේ දී බැතිමතුන්ගේ විඩාව සමනය කිරීම සඳහා බොහෝ යුද්ධ හමුදා කඳවුරු අසල දී විවිධ සංග්‍රහ සහ වෛද්‍ය ආධාර වැඩසටහන් පැවැත්විණි.

අලිමංකඩ යුද්ධ හමුදා මර්ග බාධකය හරහා බැතිමතුන් ගමන් කරමින් සිටියදී, ඔවුන්ගේ විඩාව දුරු කිරීමට තේ පැන් සංග්‍රහයක් සහ වෛද්‍ය ආධාර ලබා දීමේ වැඩ සටහනක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස