ඖෂධ 270ක් හදිසියේ මිල දී ගැනීම් යටතේ ගන්න සූදානම්…!

July 28, 2023 at 9:31 am | by emanisa.lk

දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ 270ක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිල දී ගැනීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.

ප්‍රතිකාර අවශ්‍ය ඖෂධ හා උපකරණ නොමැතිවීම හේතුවෙන් ජාතික දන්ත රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතියේම දන්ත සායනවල ප්‍රතිකාර බිඳ වැටෙමින් පවතින බවට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දී තිබුණි.

ඇතැම් පිරිස් හුවා දක්වන ආකාරයේ බරපතළ ඖෂධ හිඟයක් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක තව දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *