එන්නත්කරණ වැඩපිළිවෙළ වේගයෙන් ඉදිරියට…! අදත් එන්නත් ලක්ෂ දහයක් ලංකාවට….!

July 2, 2021 at 12:54 pm | by emanisa.lk

මෙරට කොවිඩ් පාලනය සඳහා තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක තොගයක් අද (2) ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම එන්නත් මාත්‍රා තොගය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට අද (2) අලුයම 4.00ට පමණ පැමිණි තිබේ.

මෙම එන්නත් තොගය ශීතකරණ පහසුකම් සහිත ලොරි රථවලින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා පරිශ්‍රයට අද උදේ රැගෙන යනු ලැබීය.

මේ වන විට දකුණු ආසියාවේ රටවල් අතරින් ජනගහනයට සාපෙක්ෂව වැඩි ම ප්‍රතිශතයකට එන්නත් ලබා දී ඇත්තේ ලංකාවේ ය. ඊයේ (01) වන විට එම අගය 5%ක් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *