ඌවට මාෂල් වෙනුවට ඒ.එස්.පී.?

January 31, 2019 at 8:01 am | by admin

ඌව පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයට මෑතක පත් වූ මාර්ෂල් පෙරේරා වෙනුවට හිටපු කුවෙට් තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. පසුගියදා ලියනගේ මහතා ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයට ද පැමිණ ඇති අතර බොහෝ දෙනා ඔහුට සුබ පතා තිබේ. රාජපක්ෂ කඳවුරට හිතවත් ලියනගේ මහතාට ඌව පළාත් ආණ්ඩුකාර ධුරය හිමි වුවහොත් ඩිලාන් පෙරේරාගේ පියා වන මාර්ෂල් පෙරේරා මහතාට තානාපති ධුරයක් හෝ වෙනත් තනතුරක් ලබා දීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස