උසස් අධ්‍යාපනයට කියා මහජන මුදලින් 533ක් රට පැනලා…! විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රටට කෝටි 200ක පොල්ලක්…!

May 4, 2023 at 9:59 am | by emanisa.lk

උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය විය යුතුව ඇති බව කෝප් කමිටුව හමුවේ හෙළි වී තිබේ.

විදෙස්ගත වූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණක් බව ද එහි දී අනාවරණය විය.

ඒ අනුව ගෙවීම් නොකළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අය කර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මසක් තුළ කෝප් කමිටුවට දැනුම්දෙන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක් නොවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ එහිදී අවධානය යොමුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස